පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන ගැන තීන්දුවක් !

පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන ගැන තීන්දුවක් !

ආරක්‍ෂක අමාත්‍යංශය විසින් පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන නියාමනය හා ලියාපදිංචිය පිළිබඳ බලපත්‍ර කොන්දේසි යාවත්කාලින කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ වන විට 1998 අංක 45 දරන පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත අනුව දැනට අදාළ ආයතන පිහිටුවා ඇති අතර, ඒවායේ ලියාපදිංචිය ආරක්ෂක අමාත්‍යාංශය මඟින් සිදුකර ඇත.

ඒ අනුව ලියාපදිංචි වී ඇති සෑම ආයතනයක්ම බලපත්‍රය වලංගු කාල සීමාව ඉක්මවීමට මාස 03කට ප්‍රථම ඉදිරි වර්ෂ 02 සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර, බලපත්‍ර කාල සිමාව ඉක්මවා අවසරයකින් තොර ව පවත්වා ගෙන යාම 1998 අංක 45 දරණ පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව ද සඳහන්ය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.defence.lk වෙබ් අඩවියේ පළ කර ඇති අතර, පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීම සඳහා හා ලියාපදිංචිය සඳහා වන අයදුම්පත් ද ඉහත වෙබ් අඩවියේ පළ කර ඇති බව වාර්තා වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න