චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වන සංවත්සර සැමරුම් උත්සවය අද (01) පෙරවරු 10.00ට බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්වුණා. චීන ජනාධිපති ෂී ජින්පිං එහි දී පක්ෂයේ ඉහළ ම ගෞරවයට හිමිකම් කියන ‘ජූලි 1 පදක්කම’ සම්මානලාභීන් වෙත පිරිනමමින් වැදගත් කතාවක් ද සිදු කළා.

චීන කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් දැවැන්ත දායකත්වයන් ලබා දුන් කැපී පෙනෙන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින්, පක්ෂ කටයුතුවල දී නිරන්තරයෙන් කැපී පෙනෙන මෙහෙවරක් සිදුකරන නිලධාරීන් සහ බිම් මට්ටමේ පක්ෂ සංවිධාන මෙහි දී ඇගයීමට ලක් වුණා.

වසර 105ක නොනවතින අරගලය චීන ජනතාව ගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කර ඇති බව ෂී ජින් පිං එහි දී පැවසුවා. වසර 105 ක මෙම අඛණ්ඩ අරගලය චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා නිවැරදි මාවත විවර කර ඇති බව ද ඔහු සඳහන් කළා. වසර 105 ක මෙම ගමන්මග මාක්ස්වාදයේ බලගතු ජීව ගුණය ද මනාව පෙන්නුම් කර ඇති අතර. මෙම අඛණ්ඩ ඓතිහාසික අරගලය ලෝක ඉතිහාසයේ ගමන් මගට ප්‍රබල ලෙස බලපා ඇති බවත්, එය ශක්තිමත් ව චීන කොමියුනිස්ට් පක්ෂය ගොඩනැගීමට දායක වී ඇති බවත් ඔහු එහි දී පැවසුවා.
දිනූෂා ධීරසිංහ - චීන පුවත් සේවය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
