රනිල්ව මිනිත්තු 25ක් එළියේ තියලා : වජිරගෙන් අනාවරණයක් !

රනිල්ව මිනිත්තු 25ක් එළියේ තියලා : වජිරගෙන් අනාවරණයක් !

පාස්කු බෝම්බ පිපිරුනාට පසු ආරක්ෂක මණ්ඩලයට සහභාගී වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයට ගිය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විනාඩි 25ක් එළියේ කාමරයක වාඩි කරවා තැබූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.

තමා ද එදින අග්‍රාමාත්‍යවරයා සමග ආරක්ෂක අමාත්‍යාංශයට ගිය බව කී වජිර අබේවර්ධන, ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ගේ ඉවසීම ගැන පුදුම හිතුන බවද අප වගේ කෙනෙක් නම් ආරක්ෂක මණ්ඩලයේ දොර ඇරගෙන ගිහින් වාඩි වන්නේ යැයි ද කීය.

අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යංශයට පැමිණ සිටින බව දැනගත් ආරක්ෂක මණ්ඩලයේ කෙනෙක් පැමිණ "ඔබතුමා දැනට ඔහොම ඉන්න" යැයි පැවසූ බව කී අබේවර්ධන මන්ත්‍රීවරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන් එතැන සිටි අතර දේශපාලන අධිකාරියේ කිසිවකුත් නො සිටි බව සඳහන් කළේය.

ආරක්ෂක මණ්ඩලයේ දොර වැහුනත් රනිල් වික්‍රමසිංහ පසුව අග්‍රාමාත්‍ය කාර්යාලයට සියලු නිලධාරීන් කැඳවා හවස පහ හය වන විට ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමටත් ඉතිරි ත්‍රස්තවාදීන් පුපුරුවාගෙන මැරෙන තැනට කටයුතු කෙරුණු බව ද කීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී කී කාරණා සියල්ලම එතුමා කැමති නම් ත්‍රිපුද්ගල මහාධිකරණයට ලබාදීමට හැකියාව තිබෙන බව සඳහන් කළ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා, එසේ ලබා දෙනවා නම් ඉතා වැදගත් බව කීය.

ලංකාවේ බුද්ධි අංශ ගැන දේශපාලකයන් මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතු බව කී මන්ත්‍රීවරයා, ඇතැම් දේශපාලකයන්ගේ කතා දකින විට ත්‍රස්තවාදීන් මෙන්ම ලෝකයත් හිනා වෙන බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදය දකින විට කණගාටුවක් ඇති වන බවද බෙදී වෙන්වී ගහ මරා ගතහොත් විනාශ වන්නේ මුළු මහත් ජාතියම බවද අබේවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා මේ බව කීය.

(lankadeepa.lk)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න