ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගනුදෙනු ඊබ්‍රහිම් පාස්කු ත්‍රස්ත ක්රියාවට සම්බන්ධ බවක් එම ප‍්‍රහාරයට අදාල කිසිම විමර්ශන වාර්තාවක සඳහන් වී නැති බව ජවිපෙ සහ ජාජබ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.
2017 වසරේ ඊබ්‍රහම්ට විරුද්ධව අධිකරණය පැනවූ නඩුවක නීතිඥයා ලෙස කටයුතු කළේ වත්මන් අමාත්‍ය අලි සබ්රි මහතා බවද එසේ වූවා කියා අලි සබ්රි ත‍්‍රස්ත ක්රියාවට සම්බන්ධ යයි ලඝු කළ යුතු නැති බවත් ඔහු පැවසීය.
අනුර දිසානායක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.
වසර දෙකක් පමණ ඊබ්‍රහිම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා ගෙන ප්‍රශ්න කළ ද එහි දී තම දේශපාලන ව්‍යාපාරය අදාල සිදුවීමට සම්බන්ධයෙන් කිසිම එළිදරවුවක් වී නැති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
