Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක මිල පහළට

අත්‍යවශ්‍ය පාරිභෝගික අහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.

ඒ අනුව සොයා මීට්, දේශීය අර්තාපල්, හාල්මැස්සන් ඇතුළු අහාර ද්‍රව්‍ය 6ක මිල පහළ දැමීමට සතොස පියවර ගෙන ඇත.

නව මිල ගණන් අද (සැප්. 20) සිට ක්‍රියාත්මක ය.

සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580කි. දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර නව මිල රු 290කි.

එමෙන් ම, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රු 1,100කි. සුදුළූණු කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 620කි.

ලොකු ළූණු කිලෝවක් ද රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 195කි. රතු පරිප්පු කිලෝවක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 299ක් දක්වා පහළ ගොස් ඇත.