අත පක්ෂයේ මහ ලේකම් ධූරයට මහ තරගයක් !

අත පක්ෂයේ මහ ලේකම් ධූරයට මහ තරගයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වී ඇති මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අතර දැඩි තරගයක් ඇතිව තිබෙන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට මහ ලේකම් ධූරය සඳහා තියුණුම තරගයක් ඇතිව තිබෙන්නේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් වරයකු වන හිටපු මහ ඇමැති සරත් ඒකනායක සහ එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක අතර ය.

මේ වන විට පක්ෂ මහ ලේකම් ධූරයෙන් ඉවත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එම ධූරය සඳහා පත්වීමට පෙර ශ්‍රීලනිප මහ ලේකම් ලෙස කටයුතු කරනු ලැබුවේද දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ය.

එසේම දයාසිරි ජයසේකර ව පසුගියදා ශ්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත්කර වැඩබලන මහ ලේකම්වරයා ලෙස නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක පත් කරනු ලැබුවද එම තනතුරේ වැඩ බැලීම අධිකරණය විසින් පසුගියදා වළක්වනු ලැබීය.

ඒ අනුව එම ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි දුෂ්මන්ත මිත්‍රපාල ඉකුත් සදුදා පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී පත් කරනු ලැබූ අතර,ඉදිරි කාලයේදී සඳහා ස්ථිර මහ ලේකම්වරයෙකු පත් කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න