ජපානයේ එහිමෙ ප්‍රාන්තයේ (EHIME PREFECTURE) කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තාක්ෂණික සිමාවාසික පුහුණුලාභීන් ලෙස ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමට ජපානයේ එහිමෙ ප්‍රාන්තය හා ශ්‍රි ලංකාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අතර සහයෝගිතා ගිවිසුමකට ජපානයේ එහිමෙ නගරයේදී ඊයේ(07) අත්සන් තබන ලදී.
ශ්‍රි ලංකාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි ලේකම් ආර්.පී.ඒ.විමලවීර හා ජපානයේ එහිමෙ ප්‍රාන්තය වෙනුවෙන් ආණ්ඩුකාර ටොකිහිරෝ නකමුරා මෙම ගිවිසුම සඳහා අත්සන් තැබූහ.
2018 පෙබරවාරි 1 දින කොලඹදී අත්සන් තබන ලද තාක්ෂණික සීමාවාසික පුහුණුලාභීන් බඳවාගැනීමේ සහයෝගිතා ගිවිසුමට යටත්ව කෘෂිකාර්මික හා අනෙකුත් ක්ෂේත්‍ර මෙන්ම ආහාර පිරිමැසුම් කර්මාන්තයේ ද්වීපාර්ශවීය සහයෝගිතාව ඉහළ නංවා ගැනීම වෙනුවෙන් දෙපාර්ශවය මෙම ගිවිසුමට එළඹිණි.
එහිමෙ ප්‍රාන්තයේ ශ්‍රම හිගයේ වත්මන් ගැටළු විසදීම සඳහා සිට්රස් වගාව හා අනෙකුත් ක්ෂේත්‍රයන්හි තාක්ෂණික කුසලතා අත්කර ගැනීමට කැමති ශ්‍රි ලාංකිකයින් තාක්ෂණික සීමාවාසිකයින් හෝ විශේෂ නිපුණතා සහිත සේවකයින් ලෙස බඳවා ගැනීමට එහිමෙ ප්‍රාන්තය අපේක්ෂා කරයි.
මෙම සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම, වන හා ධීවර දෙපාර්තම්න්තුවේ සාමාන්‍යාධිකාරී යොයිචි සුඑනගා මහතා හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා ද එක්වී සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
