සජබට කූඨ ලේඛන චෝදනාවක් !

සජබට කූඨ ලේඛන චෝදනාවක් !

තමා සමගි ජනබලවේගයේ උප ලේකම් ධුරයෙන් ඉවත් වූ බවට තම ලිපි ශීර්ෂය සහ අත්සන හොරට යොදා සමගි ජන බලවේගය දිස්ත්‍රික් උසාවියකට කූට ලේඛනයක් ලබාදී ඇතැයි රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

මෙි සම්බන්ධයෙන් තමා රහස් පොලිසියට පැමිණිල්ලක් කළ බවත් කූඨ ලේඛන හදා තිබෙන්නේ කවුදැයි කියා රටේ ජනතාවට ඔප්පු කර පෙන්වන බවත් රාජ්‍ය අමාත්‍යවරිය එහිදී සඳහන් කළාය.

'මම කිසිදිනක මෙවැනි ලේඛනයක් අත්සන් කර දී නැහැ.මගේ නම ඇති ලෙටර් හෙඩ් එකකට කූඨ ලේඛනය හැදුවේ කොහොමද? කවුද මගේ අස්සන ගැහුවෙි. මෙය බරපතල වරදක්. මම අදටත් සමගි සමගි ජනබලවේගයේ උප ලේකම් හැටියට නීත්‍යානුකූලව සිටිනවා. කිසි කෙනෙකුට එය අයින් කරන්න බැහැ" යනුවෙන්ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න