Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ඉන්ධන කෝටාවේ වෙනසක්

ලබන මස සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව වැඩි කිරීමට තීරණය කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය, වෙළෙඳ සහ අලෙවි අංශ සමග පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි.

මෙහිදී ඉදිරි ඉන්ධන ආනයන සැලසුම, බෙදා හැරීමේ සැලසුම මෙන්ම තෙල් සංස්ථා මූල්‍ය තත්ත්වය පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.