ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම : G7 නායකයන්ගේ අවධානයට !

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම : G7 නායකයන්ගේ අවධානයට !

ජපානයේ පැවති ජී7 සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ණය අර්බුදය පිළිබඳ සාමාජික රටවල නායකයන්ගේ අවධානය යොමු වී තිබේ.

මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට ජපානය, ප්‍රංශය සහ ඉන්දියාවේ සම සභාපතිත්වයෙන් නව පොදු රාමුවක් යටතේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ජී7 සාමාජික රටවල නායකයන්ගේ ඇගයීමට පාත්‍රව ඇත .

මැදි ආදායම් ලබන රටවල ණය අර්බුද විසඳීම සඳහා දියත් කරනු ලබන අනාගත බහුපාර්ශ්වීය උත්සාහයන් වෙනුවෙන් භාවිත කළ හැකි සාර්ථක මොඩියුලයක් ලෙස නව පොදු රාමුව යටතේ ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට ඉක්මන් විසඳුමක් ලැබේවි යැයි ජී7 සාමාජික රටවල නායකයන් අපේක්ෂා කරයි.

මැදි ආදායම් ලබන රටවල ණය අර්බුද සඳහා පිළිතුරු සෙවිය යුත්තේ බහුපාර්ශ්වීය සම්බන්ධීකරණයක් යටතේ බව ජී7 සාමාජික රටවල නායකයන් සඳහන් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න