මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජපන් සහය ලබා ගැනීමේ අපේක්ෂාවක්

මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජපන් සහය ලබා ගැනීමේ අපේක්ෂාවක්

ථෙරවාදී බුදුදහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජපානයේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති වික්‍රමසිංහ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවේ පැවසීය.

තමාගේ ඉදිරි ජපාන සංචාරයේදී මේ සම්බන්ධයෙන් ජපානය සමඟ සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මහනුවර මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් අද පෙරවරුවේ බැහැදැක උන්වහන්සේලා සමඟ සාකච්ඡා පැවැත්වීය.

බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම සහ ථෙරවාදී භික්ෂු කතිකාවතක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පත ජනාධිපති වික්‍රමසිංහ විසින් මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසනාව ලබා ගැනීම සඳහා පිළිගන්වන ලදී.

අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සහ බෞද්ධ ප්‍රකාශන/ග්‍රන්ථ නියාමන පනත සඳහා සංශෝධන සකස් කරන ලෙස ද ජනාධිපතවරයා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.