මැකො වෙතින් මුද්‍රණාලය ට කෝටි 20ක පොල්ලක් !

මැකො වෙතින් මුද්‍රණාලය ට කෝටි 20ක පොල්ලක් !

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය සඳහා වැය කෙරුණු රුපියල් කෝටි 20 කට වැඩි මුදලක් මැතිවරණ කොමිෂන් සභාවෙන් රජයේ මුද්‍රණාලයට මෙතෙක් නොලැබී ඇතැයි වාර්තා වෙයි .

මේ නිසා රජයේ මුද්‍රණාලය දැඩි ආර්ථික ගැටලුවකට මුහුණදී සිටින බවත් වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙකී මුදල් සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලය පාර්ශ්වය වෙතින් මැතිවරණ කොමිෂන් සභාවට සිහිකැඳවීම් ගණනාවක්ම සිදුකර ඇත.

නමුත් එම මුදල් පියවීමට මෙතෙක් පියවර නොගැනීම හේතුවෙන් වර්ෂය පුරා සෙසු වැඩ කටයුතු සඳහා මුදල් සොයා ගැනීම බරපතළ ගැටලුවක්ව ඇති බවත් වාර්තා වෙයි .

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික්ක රැසක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය දැනටමත් අවසන්වී එම පත්‍රිකා සියල්ල මුද්‍රණාලයේ ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර පවතී.

යම් විදිහකින් හෝ පළාත් පාලන මැතිවරණය අවලංගු කෙරුණොත් එම ඡන්ද පත්‍රිකා සියල්ල විනාශ කිරීමට සිදුවනු ඇති බවත් දැනගන්නට ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න