රාජ්‍ය සේවයේ උපාධිධාරීන් නව මඟකට......

රාජ්‍ය සේවයේ උපාධිධාරීන් නව මඟකට......

රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට ඍජුව සම්බන්ධ නොවන තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්ගේ හැකියාවන් සහ නිපුණතාවයන් තවදුරටත් වර්ධනය කර ඔවුන්ට තොරතුරුතාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ රැකියා අවස්ථාවන්ට පිවිසීමට මඟ සැලසීමේ Refresher Bootcamp වැඩසටහන ආරම්භ කෙරේ.

ඒ සඳහා මේ වන විට එක්දහස් දෙසීයකට වැඩි පිරිසක් ලියාපදිංචි වී තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙමපුහුණු වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ සහ තාක්ෂණ අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය මේ සඳහා ලැබී තිබේ.

මෙරට ප්‍රකට සහ කීර්තිමත් තොරතුරු තාක්ෂණ කර්මාන්ත සංවිධාන සහ සමාගම් මෙම තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනට එක් ව තිබෙන අතරශ්‍රීලංකා පරිගණක සංගමය(CSSL),බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (BCS), ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සඳහා වන සංගමය (SLASSCOM),ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය ( FITIS)මේ අතර වේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 14/2022 හි ප්‍රතිපාදන අනුව රාජ්‍ය අංශයෙන් බැහැරව සේවය කිරීම සඳහා (මෙරට හෝ විදේශීය) තාවකාලික නිවාඩු අපේක්ෂා කරන තොරතුරු තාක්ෂණ උපාධිධාරී රාජ්‍ය සේවකයන් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

මෙම Refresher Bootcamp වැඩසටහනෙහි දෙවන අදියර සිව් දිනක් පුරා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන පරිශ්‍රයේදී පැවැති අතර එම අවස්ථාවට එක් වූතාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ රටේ ඩිජිටල් ආර්ථික ක්‍රියාවලියට සක්‍රීය ලෙස දායකවීමට මෙම රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාව උදාවී තිබෙන බවත්, මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය මුහුණ දී සිටින මානව සම්පත් හිඟයට කඩිනම් විසඳුමක් ළඟාකර දීමට හැකි වී තිබෙන බවත් ය.

මෙම අවස්ථාවට එක් වූරාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සඳහන් කළේ රාජ්‍ය චක්‍රලේඛ අංක 14/2022 යටතේ රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය අංශයෙන් පරිබාහිරව රටේ ආර්ථික ක්‍රියාවලියට සක්‍රීයව දායක වීමට අවකාශ සලසා දී තිබෙන බවත්, ඔවුනට ලැබුණු මෙම නව අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගෙන රාජ්‍ය අංශය සවිබල ගැන්වීමට අනාගතයේ දී ක්‍රියා කළ හැකි බවත්ය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා මෙහිදී සඳහන් කළේ රටේ ඩිජිටල් සංවර්තනය සහ ඩිජිටල් ආර්ථික ක්‍රියාවලියට අවශ්‍ය මානව සම්පත් ධාරිතා ප්‍රවර්ධනය මේ වන විට ආරම්භ කර තිබෙන බවත්, මෙම වැඩසටහන එහි තවත් එක් අවස්ථාවක් බවත් ය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සමීර ජයවර්ධන මහතා මෙම අවස්ථාවට එක් වෙමින් සඳහන් කළේ ඉතා වේගයෙන් ඉදිරියට යන තොරතුරු තාක්ෂණ කර්මාන්තය සහ ඩිජිටල් ආර්ථීකය සවිබල ගැන්වීමට අවශ්‍ය මානව සම්පත සුදානම් කිරීම Lighting Digital ධාරිතා ප්‍රවර්ධන වැඩසටහන යටතේ සාර්ථකව ඉදිරියට යමින් තිබෙන බවත්, තොරතුරු තාක්ෂණ කර්මාන්තය,රාජ්‍ය අංශය මෙන් ම පෞද්ගලික අංශය සමඟ ඉදිරියටත් සම්බන්ධ වෙමින් තවත් පුළුල් ආකාරයෙන් මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් ය.

මෙම සිව්දින පුහුණු වැඩසටහනේ දී කුසලතාවයන් සහ හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට මෙන් ම නව තාක්ෂණ භාවිතයන් සහ තොරතුරු තාක්ෂණ රැකියා වෙළෙඳපොළේ ඇති අවස්ථාවන් පිළිබඳවෘත්තීය මාර්ගෝපදේශ ලබා දෙනු ලැබීය.

තවද මෙම වැඩසටහන අවසානයේදී සහභාගි වූ උපාධිධාරීන් තොරතුරු තාක්ෂණ ආයතන සමඟ සම්මුඛ පරීක්ෂණවලට යොමු කළ අතර ඔවුන් රැකියා අවස්ථා තහවුරු කර ගන්නා තෙක් අවශ්‍ය උපදේශනය ලබා ගැනීමට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් උපදේශකවරුන් ලෙස ඔවුන්ට සම්බන්ධ කර දෙනු ලැබීය.

දිනමිණ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න