දෙමළ ජන සංහාරක දිනයක් ගැන කැනඩා අගමැතිගෙන් ප්‍රකාශයක් !

දෙමළ ජන සංහාරක දිනයක් ගැන කැනඩා අගමැතිගෙන් ප්‍රකාශයක් !

මීට වසර 14 කට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ වෙල්ලමුල්ලිවයික්කාල් සමූල ඝාතනය ඇතුළු පැවති සන්නද්ධ ගැටුම්වලදී දහස් සංඛ්‍යාත දමිළ ජනතාවකට ජීවිත අහිමි වූ බවත් තවත් විශාල පිරිසක් අතුරුදන් වී, තුවාල ලබා හෝ අවතැන් වී ඇති බවත් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා තිබේ.

කැනඩාවේ දමිළ ජනසංහාර අනුස්මරණ දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මේ බව ප්‍රකාශ කර ඇත.

කැනඩාව ඊයේ(18) දෙමළ ජනසංහාර අනුස්මරණ දිනය සමරන ලදි.

මීට වසර 14 කට පෙර ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ ගැටුම් වලදී අහිමි වූ ජීවිත පිළිබඳ සිහිපත් කරන බවත් තේරුමක් නොමැති ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වේදනාවෙන් සිටින වින්දිතයනගේ සහ දිවි ගලවාගත් පුද්ගලයන්ගේ සමීපමතයන් සමඟ කැනඩා රජය සෑම අවස්ථාවකම සිටින බවත් ටෲඩෝ මහතා පවසා ඇත.

කැනඩාව ශ්‍රී ලංකාවේ ඇති වූ සන්නද්ධ ගැටුමේ වින්දිතයන් සහ දිවි ගලවා ගත් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම අඛණ්ඩව දුෂ්කරතාවන්ට මුහුණ දෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නතර නොකරන බව අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා ප්‍රකාශ කර තිබේ.

එසේම මෙම වසරේ ජනවාරි මස ශ්‍රී ලංකාවේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් රජයේ නිලධාරීන් සිව් දෙනකුට සම්බාධක පැනවූ බවද ටෲඩෝ මහතා පෙන්වා දී ඇත.

මූලාශ්‍රය - lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න