නොගැලපෙන දේවල් සහ ආසාධාරණකම් ඉවසන්නේ ජනතාව වෙනුවෙන් බවත් අසාධාරණයට ලක්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් දස දෙසදෙනකුට එළියට බැහීමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන පැවසීය.
තමන් ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බව කී චන්ද්‍රසේන මන්ත්‍රීවරයා රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය නිසා ඒවා හිරකරගෙන සිටින බව ද සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට 69 ලක්‍ෂයක් ඡන්ද ගැනීමට සහ තුනෙන් දෙකක් බලය ගැනීමට ගන්න දිස්ත්‍රික් පාලන කළ වැඩ කළ දිස්ත්‍රික් නායකයන් ඔවුන් බවත් ලක්‍ෂ ගණනින් මනාප ඡන්ද ගත්තේ ද එම දිස්ත්‍රික් නායකයන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන වැඩි දුරටත් කීය.
මූලාශ්‍රය - Lankadeepa
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
