මෙරට හෙද හෙදියන්ට සිංගප්පුරුවේ රැකියා අවස්ථා !

මෙරට හෙද හෙදියන්ට සිංගප්පුරුවේ රැකියා අවස්ථා !

මෙරට හෙද හෙදියන් සඳහා සිංගප්පූරු රජයේ රෝහල්වල රැකියා අවස්ථා හිමිවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන අතර එහි පළමු කණ්ඩායමට අයත් 36 දෙනෙකු මැයි 17 වනදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බවත් සඳහන් වෙයි.

මෙරට පුහුණු හෙද හෙදියන්ට සිංගප්පූරු රජයේ රෝහල්වල රැකියා සඳහා යොමුවීමට මේ වනවිට අවස්ථාව හිමිවී ඇති අතර හෙද වෘත්තිය පිළිබඳ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සහ සේවා පළපුරුද්දක් ඇති වෘත්තිකයින්ට මෙන්ම රජයේ හෙද පාසල්වල පුහුණුව ලබා සේවා පළපුරුද්දක් සහිත හෙදියන්ට ද සිංගප්පූරු රජයේ රෝහල්වල හෙද වෘත්තිය සඳහා ප්‍රවේශවීමට අවස්ථාව හිමිව තිබේ.

ගාස්තුවකින් තොරව එම රැකියා සඳහා ප්‍රවේශවීමට අයදුම්කරුවන්ට අවස්ථාව ලැබෙන අතර අයදුම්කරුවන් සිංගප්පූරු රාජ්‍යයේ හෙද මණ්ඩලය විසින් පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ පරීක්ෂණයෙන් සමත් විය යුතු බවත් සඳහන්ය.

ඉන් සුදුසුකම් ලබන හෙද වෘත්තිකයින්ට වසර දෙකක ගිවිසුම් ගත කාලයක් සඳහා මසකට රුපියල් ලක්ෂ තුනහමාර සහ ලක්ෂ 05 අතර ආසන්න වැටුප් ලැබීමට හැකි බව අදාළ බඳවා ගැනීම් සිදුකරන මෙරට රැකියා නියෝජිත ආයතනය පවසයි.

රැකියා ලාභීන් එරටට ඇතුළු වු පසු එක් වරක් පමණක් ගෙවන සිංගප්පූරු ඩොලර් 1000ක මුදලක් සහ නවාතැන් සඳහා දීමනාවක් හිමිවන බවද බඳවා ගැනීම් සිදුකරන ආයතනය පවසා සිටී.

සිංගප්පූරුවේ හෙද වෘත්තිය සඳහා ගාස්තුවකින් තොරව ප්‍රවේශවීමට අයදුම්කරුවන්ට අවස්ථාව හිමිවන අතර, ඒ සඳහා www.emeraldislemanpower.com යන වෙබ් අඩවියට පිවිසීම මගින් අයදුම් කළ හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න