රාජ්‍ය සේවයට වැය කරන ට්‍රිලියන 1.4න් ප්‍රතිලාභයක් තියෙනවාද ? - හිටපු මුදල් ඇමති රවී

රාජ්‍ය සේවයට  වැය කරන ට්‍රිලියන 1.4න් ප්‍රතිලාභයක් තියෙනවාද ? - හිටපු මුදල් ඇමති රවී

ලක්ෂ 17ක් වන රාජ්‍ය සේවක සේවිකාවන් නඩත්තු කිරීම සඳහා අවුරුද්දකට වැය කරන රුපියල් ට්‍රිලියන 1.4 ට සාපේක්ෂව ඔවුන්ගෙන් රටට-ජනතාවට සැබෑ ප්‍රතිලාභයක් ලැබෙනවා ද යන්න පිළිබඳව ජනතාව සිතිය යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කර සිටියි.

රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයට අභියෝග කර යළි ගොඩනැගීම වෙනුවෙන් සිදුවිය යුතුවම ප්‍රතිසංස්කරණ මෙන්ම එහි අරමුණ කුමක් වියයුතුද යන්න සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

"අද රාජ්‍ය සේවක සේවිකාවන් ලක්ෂ 17ක් සිටිනවා. රටේ බදු ගෙවන ජනතාවගේ මුළු ආදායමෙන් 76% ඉක්මවා යන්නේ මේ ලක්ෂ 17 නඩත්තු කිරීමටයි. ඒ කියන්නේ අවුරුද්දකට රුපියල් ට්‍රිලියන 1.4ක්... මෙහි ප්‍රතිලාභ සැබෑ ලෙස ලැබෙනවා ද කියා ජනතාව සිතිය යුතුයි.

ඒ විතරක් නොවෙයි...ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන් එයාර් සහ ජාල සම්පාදන මණ්ඩලය වැනි ආයතන ගෙවුණු අවුරුදු හතර ඇතුළත බිලියන 1350ක අලාභයක් ලබා තිබෙනවා. මේ සල්ලිවලින් ඔබටත් අපටත් ලාබයක් ලැබී නැහැ. මේ සල්ලි ටික ඉතුරු කළා නම් ගෙවල් ලක්ෂ 12ක් හදන්න තිබුණා. ඒ වගේම සෑම පුද්ගලයෙකුටම රුපියල් 178000ක් ඉතුරු කර ගැනීමට තිබුණා.
මුල්‍ය විනයක් නොමැතිව කටයුතු කර ඒ සල්ලි නාස්ති කරලා...මේ සියල්ල නොමිලයේ ලබා දීමේ ප්‍රතිවිපාකයි.

ආදායමට වඩා වියදම් කරලා බංකොලොත් නොවී රටක් ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද..? අපට අවශ්‍ය වන්නේ රටේ දූ දරුවන්ට අදට වඩා හොඳ හෙට දවසක් නිර්මාණය කර දීමටයි."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න