මුදල් ගැරූ විදුහල්පතිට සුපිරිම ස්ථාන මාරුවක් !

මුදල් ගැරූ විදුහල්පතිට සුපිරිම ස්ථාන මාරුවක් !

පාසලට සිසුන් අතුළත් කිරීමේදී රුපියල් ලක්ෂ 76ක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කර ඇතැයි කියන කොළඹ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයකු එම පාසලෙන් ඉවත් කර කොළඹ අධ්‍යාපන කලාපයේම අතිරේක අධ්‍යක්ෂවරයකු ලෙස අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ.

එම විදුහල්පතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන අතරේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව ඔහු අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කළ බව ද පසුව ඔහු කොළඹ අධ්‍යාපන කලාපයට මුදාහැර ඇති බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරු සංගමය චෝදනා කර සිටින්නේ මෙම විදුහල්පතිවරයා සේවය කළ විදුහලත් කොළඹ අධ්‍යාපන කලාපයට අයත්ව තිබෙන හෙයින් ඔහු එම කලාපයට අනුයුක්ත කිරීම, පරීක්ෂණ යටගැසීමේ කුමන්ත්‍රණයක් බව පවසමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න