කැඩුන අත උළුක් වෙයි !

කැඩුන අත උළුක් වෙයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මන්ත්‍රී කණ්ඩායම පක්ෂයට නැවත එකකර ගැනීම සඳහා ගත් උත්සාහයක් අසාර්ථක වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාකච්ඡාව පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී පවත්වා ඇත.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් 14 දෙනා අතුරින් මේ වන විට ආණ්ඩුව සමග එක්ව සිටින අට දෙනාගේ කණ්ඩායම ද සහභාගිව ඇත.

ඒ අනුව ආණ්ඩුවේ කැබිනට් හා රාජ්‍ය ඇමති තනතුරු දරන නිමල් සිරිපාල ද සිල්වා,ලසන්ත අලගියවන්න ,ජගත් පුෂ්පකුමාර ,චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර ,පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂාන් විජයලාල් ද සිල්වා, සාරථී දුෂ්මන්ත මිත්‍රපාල සහ අංගජන් රාමනාදන් යන මන්ත්‍රීවරුන් සහභාගි වී ඇත.

ආණ්ඩුවේ තනතුරු දරන නිමල් සිරිපාල ද සිල්වා  ඇතුළු මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරූ තනතුරු අත්හිටුවාඇති අතර ,ඔවුන්ට එම තනතුරු නැවත ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

එසේ වුවද ඔවුන් ආණ්ඩුවේ තනතුරු දරමින් තවදුරටත් පක්ෂයේ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කරකරන බැවින්, ආණ්ඩුවේ සිටියදීම නැවත පක්ෂයට සම්බන්ධ කරගත නොහැකි බව ශ්‍රීලනිප දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත.

මෙම තත්වය හමුවේ ඔවුන් නැවත පක්ෂයට එක් කර ගැනීමේ සාකච්ඡා අසාර්ථක වී ඇතැයි දැනගන්නට තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුවක් ඇතිකිරීමේ ප්‍රයත්නයක් ලෙස මෙම සාකච්ඡා සභාව සංවිධානය කර තිබුණද ශ්‍රීලනිප මහ ලේකම් විසින් බරපතළ ලෙස ආණ්ඩුවට එක්වූ පිරිසට අදාළ බලතල අත්හරින ලෙස බල කිරීම මෙම සාකච්ඡා අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න