සුසිල්ට කළකිරෙයි !

 සුසිල්ට කළකිරෙයි !

අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගැනීමට කිසිවකු සිටින්නේ නම් ඒ සඳහා තමන්ගෙන් කිසිදු බාධාවක් නැති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරයි.

නිලධාරීන්ගේ සහායක් නොමැතිව මාස අටක් පමණ තිස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය තමන් ඉතා අමාරුවෙන් ඇදගෙන යාමට සිදුව තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යාංශයේ ලේකම්වරයා සාකච්ඡා බොහොමයක් මග හරින බවත් පවසන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අතිරේක ලේකම්වරියක් තමන් නොසලකා හැර කකුලෙන් අදින පිළිවෙතක් අනුගමනය කරන බවට ද චෝදනා කරයි.

අමාත්‍යාංශ ලේකම්වරයා කලාතුරකින් සහභාගීවන සාකච්ඡාවක දී පවා වචනයක් කතා නොකර බිම බලාගෙන සිටින බවද ඇමතිවරයා පැවසීය.

අතිරේක ලේකම්වරිය දීර්ඝ කාලයක් අමාත්‍යාංශයේ හිඳිමින් ඇමතිවරයා නොසලකා හරිමින් කටයුතු කරන බැවින් ඇය එම අමාත්‍යාංශයෙන් ඉවත් කළ යුතුව ඇතැයි ද පැවසූ ඔහු ලධාරීන් මේ අන්දමින් ක්‍රියා කිරීමෙන් අමාත්‍යංශයේ කටයුතුවලට විවිධ බාධා ඇතිවන බව ද අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න