ඉහළ දැමුණු ඉන්ධන කෝටාව ගැන තීන්දුවක් !

ඉහළ දැමුණු ඉන්ධන කෝටාව ගැන තීන්දුවක් !

උත්සව සමය වෙනුවෙන් ඉහළ දැමුණු ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේ දී තීරණය කරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය පවසයි.

පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගැනුණු අතර එහිදී තීන්දු කර තිබුණේ හෙට (18) සිට පෙර පැවැති ආකාරයටම ඉන්ධන කෝටාව ක්‍රියාත්මක කිරීමටය.

පසුගිය 4 වෙනිදා සිදුකළ ඉන්ධන කොටාවේ ඉහළ දැමීමට අනුව ත්‍රිරෝද රථ සඳහා වු ලීටර් 5ක කෝටාව ලීටර් 8ක් දක්වාත් යතුරු පැදි සඳහා ලීටර් 4ක ඉන්ධන කෝටාව ලීටර් 7ක් දක්වාත් ඉහළ නැංවිණ.

එසේම බස්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 40 සිට ලීටර් 60 දක්වාත් මෝටර්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30 දක්වාත් ලොරිරථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 50 සිට ලීටර් 75 දක්වාත් වෑන්රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30ක් දක්වා ඉහළ දැමුණි.

ඉහළ දැමු කෝටා අගයන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේ ද නැතහොත් පෙර පැවැති අගයන් යළි ක්‍රියාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න