“ඉදිරිය මීටත් වඩා අමාරුයි”: මහ බැංකු අධිපති

“ඉදිරිය මීටත් වඩා අමාරුයි”: මහ බැංකු අධිපති

මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ආරම්භයක් තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බී.බී.සී. සිංහල සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා එලෙස පවසා සිටියේ ය.

කෙසේ වු වද ඉදිරියට ඇත්තේ, මීටත් වඩා අමාරු කාලයක් බව ද එම හේතුව මත ආර්ථිකය එක දිගට එක දිශාවකට ගමන් කළ යුතුව ඇති බව ද අධිපතිවරයා පැවසීය.

අඩි 2ක් ඉදිරියට ගොස් අඩියක් පස්සට ආවොත් පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩනැගිය නොහැකි බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි.

අවුරුදු 4ක් තුළ එක දිගට ආර්ථිකය එක දිශාවකට ගමන් කරවිය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඇති මුල් ම අභියෝගය ණය ප්‍රතිව්‍යුහගත කිරීම වන බව ත් වසර 10ක් තුළ ණය ගෙවීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ණය ගෙවීම ස්ථාවර කර ණය ගෙවා අවසන් කළ යුතු බව ත් අධිපතිවරයා පවසා සිටියි.

එහි සැලසුමේ කොටසක් දැනටමත් ආරම්භ කර ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි ගිවිසුම්වල විශාල ප්‍රතිසංස්කරණ තිබෙන බව ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, රටේ මූල්‍ය ප්‍රතිපත්තිය, ප්‍රතිසංස්කරණ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඒ අතර වන බව ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියි.

සමාජ ආරක්‍ෂක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ දූෂණය නැතිකොට යහපාලය ශක්තිමත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි ගිවිසුම්වල අන්තර්ගත බව ත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරට ත් ප්‍රකාශ කරයි.

සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙතනින් …

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න