තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයේ 2025 වාර්ෂික ත්යාග ප්රදානෝත්සවය හෙට (20) පෙරවරු 8.30ට විද්යාලීය ප්රධාන ශාලාවේදී පැවැත්වේ.
විද්යාලයෙන් බිහි වූ කීර්තිමත් අධ්යාපන පරිපාලනවේදියෙකු වන මාවනැල්ල කලාප අධ්යාපන අධ්යක්ෂ ඒ.ඒ.අයි.යූ. ජයකොඩිගේ ප්රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.
2025 වසරේ 5 වසර ශිෂ්යත්ව විභාගය, අධ්යාපන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ සහ උසස් පෙළ විභාග සමත් වූ දක්ෂ දරු දැරියන්, විශ්ව විද්යාල වරම් ලැබූ දරු දැරියන් ඇතුළු 400කට අධික පිරිසක් ඇගයීම, ත්යාග සහ සහතික පත්ර ප්රදානය මෙහිදී සිදු කරන බව විදුහල්පති උදාර කරුණාතිලක පැවසීය.
විෂය සමගාමී ක්රියාකාරකම් වලින් ඉහළ දස්කම් දැක්වූ දරුවන් ඇගයෙන මෙම ත්යාග ප්රදානෝත්සවය සඳහා විද්යාලීය ආදි ශිෂ්ය සංගමය සම්පූර්ණ අනුග්රහකත්වය දක්වා ඇත.
මෙම අවස්ථාවට කෑගල්ල, වරකාපොළ කලාප සහ කොට්ඨාස අධ්යාපන අධ්යක්ෂවරුන්, අවට පාසල්වල විදුහල්පතිවරුන්, සම්පත් දායකයින්, දෙමව්පියන් සහ සුබපතන්නන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
ජේ. මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
