ඉන්ධන කෝටාව ඉහළට

ඉන්ධන කෝටාව ඉහළට

රථවාහන සඳහා වෙන් කර ඇති සතිපතා ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

අලුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කරගනීමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ නැංවීම ක්‍රියාත්මක වෙයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ඒ අනුව සාමාන්‍ය කාණ්ඩයේ ත්‍රීරෝද රථයක් සඳහා පැවති සතිපතා ඉන්ධන කෝටාව ලීටර් 5 සිට 8 දක්වා ඉහළ නැංවෙන අතර ත්‍රිරෝද විශේෂ කාණ්ඩයේ කෝටාව ලීටර් 10 සිට 15 දක්වා ඉහළ නැංවෙයි.

යතුරු පැදියක් සඳහා පැවති ඉන්ධන කෝටාව ලීටර් 4 සිට 7 දක්වා ඉහළ නංවන අතර මෝටර් රථ සඳහා පැවති ඉන්ධන ලීටර් 20 ක කෝටාව ලීටර් 30 දක්වා ඉහළ නංවනු ඇත.

වෑන් රථයක් සඳහා පැවති ඉන්ධන ලීටර් 20 කෝටාවද ලීටර් 30 දක්වා වැඩි කර තිබේ.

බස්රථ සඳහා පැවති ඉන්ධන කෝටාව ලීටර් 40 සිට ලීටර් 60 දක්වා වැඩිකිරීමට නියමිතය.

එසේම මේ අනුව ඉඩම් වාහන සඳහා පැවති ඉන්ධන ලීටර් 15 ලීටර් 25 දක්වාත්, ලොරි සඳහා පැවති ඉන්ධන ලීටර් 50 ලීටර් 75 දක්වාත්, විශේෂ කාර්යයන් සඳහා වන වාහනවල කෝටාව ලීටර් 20 සිට ලීටර් 30 දක්වාත් ඉහළ නැංවෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න