යල කන්නයේ වී වගාවට : පොහොර ගන්න සහනාධාරයක් !

යල කන්නයේ වී වගාවට : පොහොර ගන්න සහනාධාරයක් !

එළඹෙන යල කන්නයේ වී වගාව සඳහා පොහොර ලබාගැනීමට ගොවීන් වෙත මූල්‍ය සහනාධාරයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

හෙක්ටයාරයකට රුපියල් 20,000ක් බැගින් වන සේ උපරිම වශයෙන් හෙක්ටයාර දෙකක් සඳහා ගොවීන්ට මෙම මූල්‍යාධාරය ලබාදීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිව ඇත.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් මේ බව සඳහන් කල අතර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් කෝටි 300ක මුදලක් ලබාදීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බවද පැවසීය.

මීට පෙර මේ සඳහා රුපියල් කෝටි 1000ක මුදලක් වෙන්කර තිබූ අතර, එය කෝටි 1,300ක් දක්වා වැඩිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බවද ඔහු සඳහන් කළේය. මෙලෙස ලබාගන්නා වී වලින් නිෂ්පාදනය කරන සහල් කිලෝ 10 බැලින් මාස දෙකක කාලයක් සඳහා අඩු ආදායම්ලාභී පවුල් ලක්‍ෂ 28,50,000 කට ලබාදීමට නියමිත බව ද කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න