කාදිනල් හිමි යළිත් දේශපාලන මැදිහත්වීමක !

කාදිනල් හිමි යළිත් දේශපාලන මැදිහත්වීමක !

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් ලෙස මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හොවා දැක්වීම පිළිබඳ තමන්ගේ බලවත් විරෝධය පළ කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (13) පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

"නොබෝ දා රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා නීතිපතිතුමන් හට මෙරට පළාත් පාලන මැතිවරණය සඳහා පසුගිය අයවැය මගින් වෙන් කළ මුදල් ලබා නොදීම අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය තමන්ගේ පාර්තිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් ලෙස හුවා දක්වමින් කරන දල ඉල්ලීම පිළිබඳව මාගේ බලවත් විරෝධය මෙසේ ප්‍රකාශ කරන්නට මම කැමතියි. "ගරු අධිකරණයට බලපෑම් කරන්නට කතානායකතුමාගෙන් ඉල්ලීමක් කළ ඔවුන්ගේ මේ ක්‍රියාදාමය කිසිසේත් පිළිගත නොහැකි දෙයක් බව සඳහන් කළ යුතුය. එය නීතියේ ස්වාධීනත්වයට සහ ගෞරවයට එල්ල කරන ලද මරු පහරකි. රටේ පාර්ලිමේන්තුවට ව්‍යාවස්ථාදායක ලෙස පැවරී ඇත්තේ නීති රීති අවශ්‍ය ප්‍රමාණයට සම්පාදනය කිරීම සහ ඒවා අනුමත කිරීමේ බලයයි. එහෙත් ඒවා අර්ථකතනය කර ඒ නීති ක්‍රියාත්මක විය යුතු ආකාරය පිලිබඳ අර්ථකතනය ලබාදිය හැක්කේ ගරු අධිකරණයට පමණි."

"විධායකයට නීති රීති සම්පාදනය කිරීම හෝ නීති රීති තමන්ගේ පෞද්ගලික මනාපයට ගැලපෙන පරිද්දෙන් අර්ථකතනය කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට බලයක් නැත. මෙහිදී පැහැදිලි විය යුත්තේ කිසිවෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇඟිලි ගැසීමට හැකියාවක් නොමැති බවයි. මාර්තු 03 වන දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව ද රජය ද ජනාධිපතිතුමා ද බැඳි සිටින මතක් කර දීමට කැමැත්තෙමි."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න