පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (13) නිකුත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයක් සම්බන්ධයෙන් විමල් විරවංශ මන්ත්‍රීවරයා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව පොලිසිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබේ.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මෙම නියෝගය නිකුත් කරනු ලද අතර මෙම නඩුව නැවත විභාගය ජුනි මස 19 වෙනි දින දක්වා කල්දමා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
