මෛත්‍රීට හා දයාසිරිට අතුරු තහනම් නියෝගයක්

මෛත්‍රීට හා දයාසිරිට අතුරු තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර යන අයට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද (01) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින්ය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති තනතුරෙන් හා සෙසු තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන  මීට පෙර තීරණය කර තිබුණි.

එම තීරණය අභියෝගයට ලක් කරමින් කොළඹ පළාත්බද අභියාචනාධිකරණය වෙත නිමල් සිරිපාල ද සිල්වා  විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එම අභියාචනයට අවසර ලබා දෙමින් අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න