පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි ජනපති හමු වෙයි

පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි ජනපති හමු වෙයි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Muhammad Amjad Khan Niazi)  අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හමු වී සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර සමුද්‍රීය කලාපීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර නාවික කටයුතු වඩාත් පුළුල්ව ඉදිරියට ගෙන යෑම පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරිණි.

මෙම හමුව සංකේතවත් කරමින් පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

පාකිස්ථානු මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රධානින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න