ජී 20න් ලංකාවට සහනයක්....

ජී 20න් ලංකාවට සහනයක්....
අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවලට ඔවුන් මුහුණ පා සිටින ණය ගැටළුවේදී විසඳුම් ලබාගැනීම සඳහා සහය ලබාදීමට ජී 20 සාමාජික රටවල් එකගත්වය පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ඉන්දියාවේ සභාපතිත්වයෙන් ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැති ජී 20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ හා මහ බැංකු ප්‍රධානීන්ගේ හමුවේදීයි.

එම හමුව ඉකුත් සිකුරාදා සහ ඊයේ පවත්වා ඇති අතර, එහිදී අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවලට ඔවුන් මුහුණ පා සිටින ණය ගැටළුවලට මුහුණදීම සඳහා යෝජිත නියාමන රාමුවක් යටතේ සහය ලබාදීමට ජී 20 රටවල් එකගත්වය පළ කර ඇතැයි ද වාර්තා වේ.

එහිදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පැවසා ඇත්තේ  ඒ සම්බන්ධයෙන් සාමාජික රටවල් පොදු එකගතාවකට පැමිණි බවයි.

අවදානමට ලක්විය හැකි රටවල් ණය අර්බුදයෙන් මිදීම සඳහා ජී20 රටවල සහය අපේක්ෂා කරන බවත් ඇය මෙහිදී පවසා ඇත.

ඒ අනුව ඝානාව, ශ්‍රී ලංකාව, සැම්බියාව සහ ඉතියෝපියාව යන රටවල්වලට ජී 20 සාකච්ඡාවලින් ප්‍රතිලාභ ලැබෙනු ඇති බව සඳහන්. තවද, ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය සඳහා කඩිනම් විසඳුමකට පැමිණීමට අපේක්ෂා කරන බව ද ඉන්දීය මුදල් අමාත්‍යවරිය පවසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න