ආණ්ඩුව වැරැද්දක් කළ ද එසේ කරන්නේ අනාගත යහපත වෙනුවෙන් යැයි ආණ්ඩුවම පවසන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
වාමාංශික පාර්ශ්වයෙන් බලන විට එහි අසාධාරණයක් නොමැති බව ද ඔහු වැඩි දුරටත් පැවසී ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට ජනතා විමුක්ති පෙරමුණෙහි වෙස් මුහුණ ඉතා හොඳින් ප්‍රදර්ශනය වන බවයි.
ඒ සඳහා හොඳ ම උදාහරණය ලෙස ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුවේ බහුතරයක් ආගමික නොවුණ ද ඔවුන් දැඩි ආගමික භක්තිකයින් පෙනී සිටීම ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

