අඛණ්ඩව විදුලිය දෙන්න සාකච්ඡා......

අඛණ්ඩව විදුලිය දෙන්න සාකච්ඡා......

විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් වර්ෂාපනතනයක් නොලැබුණහොත් ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීමට, අවශ්‍ය ඉන්ධන සහ ගල්අඟුරු පසයාගැනීම සහ විකල්ප ක්‍රියා මාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් පවතින අවශ්‍යතා සහ අභියෝග පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  සහ විදුලිබල මණ්ඩලයේ පාලක පද්ධතියේ ඉංජිනේරුවන්, පාලන අධිකාරිය අතර එම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.

රාජ්‍ය අමාත්‍යවරු වන ඉන්දික අනුරුද්ධ සහ ඩී. වී. චානක, එම අමාත්‍යංශයේ අමාත්‍යාංශයේ ලේකම්, විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවනට සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න