"විරෝධය කොළඹට" ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

"විරෝධය කොළඹට" ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව "විරෝධය කොළඹට" යන මැයෙන් ජාතික ජන බලවේගය මේ වනවිට කොළඹදී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා කොළඹ පුරහල අසලදී පොලිසියෙන් කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර ඇත.
 
එහිදී පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
තුවාල ලැබු  පුද්ගලයින් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
 
මැතිවරණය කල් දැමීමට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය අද (26) පස්වරුවේ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කරනු ලැබීය.
 
කොළඹ ඉබ්බන්වල මංසන්ධියේ දී පොලීසිය විසින් විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා මෙලෙස කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර තිබේ. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න