ජනාධිපතිගේ ගැසට් එකේ හිලක් !

ජනාධිපතිගේ ගැසට් එකේ හිලක් !

පාර්ලිමේන්තු වාරය 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කරනු ලැබූ අතිවිශේෂ ගැසට් නිවේදනය දෝෂ සහිත බව වාර්තා වෙයි.

අංක 2066/43 අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා ජනාධිපතිවරයා 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් පාර්ලිමේන්තු වාරය අවසන් කර මැයි මස 08 වනදා මීළග පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන බව නිවේදනය කර ඇති නමුත් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන වේලාව සඳහන් කර නැත.

මේ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කර සිටින්නේ අදාළ දෝෂය හේතුවෙන් සැසිවාරය පටන් ගන්නා වේලාව සටහන් කර අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවන බවය.

එම නව ගැසට් පත්‍රය ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය සංචාරය අවසන්කර පැමිණීමෙන් පසුව නිකුත් කිරීමට නියමිතව ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න