දයාසිරිගේ අලුත්ම වැනිල්ල එළියට : මෙවර මහින්දානන්ද වැනුම

දයාසිරිගේ අලුත්ම වැනිල්ල එළියට : මෙවර මහින්දානන්ද වැනුම

පසුගිය රජය සමයේ කැරම් බෝඩ් ඇතුළු ක්‍රීඩා උපකරණ ගෙන්වීමේදී එවකට ක‍්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ කිසිඳු වංචාවක් සිදුකර නොමැති බව තමන් යහපාලන ආණ්ඩුවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස වගකීමෙන් පවසන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර FCID යනු නීති විරෝධී ආයතනයක් බවත් එය එජාපයට විරුද්ධ දේශපාලඥයන්ගෙන් පළිගැනීම සඳහා ස්ථාපිත කර ඇති බැවින් වහාම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසුරුවා හැරිය යුතු බවද ඔහු සඳහන් කර ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ශ‍්‍රීලනිපයේ හා සන්ධානයේ සමගිය වෙනුවෙන් විශාල කාර්යයක් කල බවද පෙන්වාදෙන දයාසිරි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ එජාප වුවමනාවට බවත් ඒ යට තිබෙන අපේක්ෂාව වන්නේ කෙසේහෝ ශ්‍රීලනිපය දෙකඩ කිරීම බවද සඳහන් කර සිටියි.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කිරීම් සිදු කරන්නේ ආණ්ඩුවේ ප්‍රධානියකුගේ කාර්යාලයෙන් නම් එවැනි දඩයම් සකසන යහපාලනයේ ප්‍රශ්නයක් තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

දයාසිරිට මාර්ගඵල ලබන්න වසර 3ක් ගියාද ? - ශ්‍රීලනිප

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ මෙම අදහස් දැක්වීම සම්බන්ධව ශ්‍රීලනිපය වෙතින් සිදුකළ අදහස් විමසීමකදී එහි ප්‍රබලයකු සඳහන් කර සිටියේ වසර තුනක් නිදාගෙන සිටි දයාසිරි හිටපු ඇමතිට නින්දෙන්ම මාර්ගඵල ලැබී ඇති ආකාරයක් දක්නට ඇති බවය.

ඔහුගේ ප්‍රකාශ හරහා ඒ බව ඔප්පු වන බවත් ශ්‍රීලනිපයේ සමඟිය, පක්ෂය නගාසිටුවීම වැනි මාතෘකා යටතේ ඔය සියලු ප්‍රකාශ දයාසිරි මන්ත්‍රීවරයා සිදුකරන්නේ පොහොට්ටු පක්ෂයට එක්වීම සඳහා බවත් ඔහු පැවසීය. එසේම ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව දපනේ දාගැනීමට ඔතරම් මහන්සි නොවී සහ වසර තුනක් ආණ්ඩුවේ ඇමති සැප විඳ දැන් දාඩිය දාගෙන අලුත්ගමගේ වැනුම වෙනුවට ජොන්ස්ටන් වැනුමක් ගැන සිතීම වැදගත් බව දයාසිරි මන්ත්‍රීවරයාට සිහිපත් කරන බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න