විජේදාස විදෙස් අමාත්‍යධුරය එපා කියලා

විජේදාස විදෙස් අමාත්‍යධුරය එපා කියලා

යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාලව අමාත්‍යවරුන් නම් කිරීමේදී එක්සත් ජාතික පක්ෂය වෙතින් යලිත් අමාත්‍යධුරයක් වෙනුවෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ වෙත යෝජනා වූ කැබිනට් අමාත්‍යධුරය ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙහිදී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත යෝජනා වී ඇත්තේ විදේශ අමාත්‍යංශය වන අතර ඔහු එකහෙළා එය ප්‍රතික්ෂේප කර ඇත.

ඒ මේ වන විටත් එම අමාත්‍යධුරය දරන තිලක් මාරපන අමාත්‍යවරයා එම තනතුරින් ඉවත්වීමට එකඟතාවක් පළකර නොමැති නිසාත් එවන් පසුබිමක අදාළ අමාත්‍යංශය භාරගැනීම තුළ පෙරළා පක්ෂ අභ්‍යන්තරයේ ගැටළුවක් මතුවීමට ඉඩ ඇති බව දන්වමින්ය.

එසේම අධිකරණ අමාත්‍යධුරය සඳහාද තමන්ට අදහසක් නොමැති බවත් අමාත්‍යාංශයක් කෙසේහෝ ලබනවාට වඩා වැදගත් වන්නේ 2015 ජනවාරි ජනවරමට අනුව කටයුතු කර ලක්ෂ 64ක ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීමට සහයවීම බවද විජේදාස මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වයට දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.

තමන් අමාත්‍යධුරයෙන් ඉවත්ව සිටියදී මෙන්ම පක්ෂය විසින් අත්හැර දමා තිබූ පසුබිමක පවා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කැපවූයේ දේශපාලන තනතුරු හෝ වරප්‍රසාද වලට වඩා ප්‍රතිපත්ති අගයන නිසා බවත් ඉදිරියේදී වුවත් යහපාලන මුලධර්ම ආරක්ෂා කර පක්ෂය සහ ජනතාව වෙනුවෙන් සේවයක් කිරීමට අවස්ථාව සැලසුණහොත් තමන් කටයුතු කරන්නේ එම මුලධර්ම මත බවද විජේදාස මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න