මහින්දගේ සහය අනුරට !

මහින්දගේ සහය අනුරට !

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා සහය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි.

17 වනදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව අනාවරණය කර සිටියේය.

කෙසේ වුවත් අදාළ යෝජනාවට සහය ලබාදීමට නම් ඒ තුළ විධායක ජනාධිපතිධුරය අහෝසි කල විගස පාර්ලිමේන්තුව විසුරවා හැර මහ මැතිවරණයකට යායුතු බවටද කොන්දේසියක් පැණවිය යුතු බවටද හිටපු ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියේ රටේ ආර්ථිකය මියගොස් තිබියදී පාලකයින් සූදු ක්‍රීඩාවේ නිරත වන බවත් මැයි මස 1 වනදායින් පසුව මිල සූත්‍රය යටතේ ඉන්ධන මිල වැඩිවීමක් මෙන්ම ගෑස් මිලේ වැඩිවීමක්ද දරා ගැනීමට ජනතාව සූදානම්ව සිටිය යුතු බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න