යෝජිත නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය සැකසීමේ කටයුත්ත බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි ඩිලාරෝ පෞද්ගලික සමාගමට පැවැරීම අභියෝගයට ලක්කරමින් එපික් ලංකා පෞද්ගලික සමාගම ගොනුකරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සම ඵලදායි වන තත්ත්වයක් දක්නට ඇති බව වෙළඳපොල ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ ඩිලාරෝ පෞද්ගලික සමාගමට රුපියල් බිලියන 1.2 මුදලකට මෙම ටෙන්ඩරය ලබාදීම අභියෝගයට ලක්කර එපික් සමාගම ගොනුකර තිබු පෙත්සම සලකා බැලු අධිකරණය විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය සැකසීමේ කටයුත්ත ඩිලාරෝ පෞද්ගලික සමාගමට පැවැරීම සම්බන්ධව නීතිපතිවරයා පුර්ණ විමර්ශනයක් සිදුකල යුතු බවට නියෝග කර ඇති නිසාය.
එපික් ලංකා සමාගම ගොනුකළ පෙත්සම අනුව රුපියල් මිලියන 180 වියදමින් හොඳම ප්‍රමිතියෙන් යුතු බලපත්‍රයක් සකස්කර දීමට තමන් කල යෝජනාව මෙන්ම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ යෝජනාවද අදාළ ගනුදෙනුව හමුවේ නොසලකා හැර ඇත.
මීට පෙරද සත්හඬ පුවත්පත මේ පිළිබඳ අවස්ථා කිහිපයකදී විශේෂ අනාවරණ සිදුකල අතර එහිදී පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාගේ නිර්දේශ පවා නොතකා හැර කැබිනට් මණ්ඩලය ද නොමඟ යවා දියත්ව ඇති මෙම ක්‍රියාවලිය තුළ නියමිත ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවත් ඒ හමුවේ රජයට බරපතළ මූල්‍ය අලාභයක් මෙන්ම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල වීමේ අවදානමක් ඇති බවත් ය.
සබැඳි පුවත්
ජනාධිපති නිර්දේශ නොතකා ඊ-පාස්පෝට් පිටට යන හැඩ!