ICTA නව සභාපති මහාචාර්ය රොහාන් සමරජීව

ICTA නව සභාපති මහාචාර්ය රොහාන් සමරජීව

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය හා සංවර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවන ලද ICTA ආයතනයේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස මහාචාර්ය රොහාන් සමරජීව පත්කර ඇති බව වාර්තා වෙයි.

මහාචාර්ය සමරජීව මහතා ICTA ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද ඉ-ශ්‍රී ලංකා ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධන වැඩපිලිවෙළේ මුලික සැලසුම් සකස් කිරීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කර ඇති අතර විදුලි සන්දේශ හා නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්ද කටයුතු කර ඇත.

ICTA ආයතනය සඳහා පත්කළ නව අධ්‍යක්ෂ මණ්ඩලය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය, සයිබර් ආරක්ෂණය හා ව්‍යාපාර ක්‍රියාවලි බාහරකරණය (BPO) පිළිබඳ විශේෂඥයින්ගෙන් හා විද්වතුන්ගෙන් සමන්විත වන අතර රාජ්‍ය, පෞද්ගලික හා සිවිල් සමාජීය කොටස් කරුවන් සමග ඉතා සමීපව කටයුතු කරමින් දැනට ක්‍රියාත්මක කරමින් සිටින සියලූම ව්‍යාපෘති ආයතනයේ කාර්යක්ෂමතාවයටත් එමඟින් රාජ්‍ය අංශයේ ඵලදායීතාව, ආර්ථික සංවර්ධනය හා සමාජීය ඒකාබද්ධතාවය සඳහා දායක වන ඩිජිටල් ව්‍යපෘති ප්‍රමුඛතා සකස් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට අපේක්ෂිත බවද වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න