කොළඹ ව්‍යාපාර හිමි කෝටිපති දමිළ ව්‍යාපාරිකයකු පසුගිය 10 වනදා පටන් අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳ පැමිණිල්ල ඉදිරිපත්කොට තිබෙන්නේ අදාළ ව්‍යාපාරිකයාගේ බිරිඳ වන අතර ඊට අනුව කිලිනොච්චියේ ආනෙයිවිලුන්දාන් හී පදිංචි වේලායුදන් විග්නේශ්වරන් නම් මෙම ව්‍යාපාරිකයා අප්‍රේල් මස නව වැනි දින කොළඹ සිට දුරකතනයෙන් බිරිඳට කතාකොට 10 වනදා නිවසට පැමිණෙන බව සඳහන් කර ඇත.
එහෙත් එදින සිට 14 වනදා දක්වා ඔහු පිළිබඳ කිසිඳු හෝඩුවාවක් නොමැති බැවින් 14 වනදා සිය සැමියාගේ අතුරුදහන්වීම සම්බන්ධව කිලිනොච්චිය, අක්කරායන් පොලිස් ස්ථානයට පැමිණිලි කරන්නට ව්‍යාපාරිකයාගේ බිරිඳ කටයුතු කර ඇත.
මේ වන විට ඔහුගේ දුරකතනය අක්‍රියව පවතින බවත් කොළඹ පදිංචිව සිටි නිවෙසේ අයටද කිලිනොච්චියට යන බව පවසා 10 වැනිදා පිටත්ව ඇති බවට දැනගන්නට ඇති බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව තිබෙන බවද වාර්තා වෙයි.
මේ වන විට අදාළ සිදුවීම සම්බන්ධව පොලිස් මූලස්ථානය දැනුවත් කොට ඇති බවත් අක්කරායන් හා කිලිනොච්චි පොලිස් ස්ථාන මේ වන විට ව්‍යාපාරිකයා සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචිමාර්ග සඳහන් කර සිටියි.