ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ නිදහස් සන්ධානය තුළ මහ ලේකම්වරුන් දෙදෙනෙක් නැති බවත් ඒ වෙනුවට අගමැතිට කේලම් කියන මහා කේලම්වරුන් දෙදෙනෙක් නම් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි.
ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මෙසේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වුයේ පසුගියදා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකළ මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (17) ඇප ලබා නිදහස්වීමේ අවස්ථාවට එක්වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට පවරා ඇත්තේ 'විශ්වාසභංග නඩුවක්" බවත් එවැනි නඩු සීයක් දැමුවත් අධිකරණය සිය ස්වාධීනත්වය රැකගෙන ක්‍රියාකිරීම හමුවේ ජනතාවට ඒ ගැන තවදුරටත් විශ්වාසයක් තැබිය හැකි බවද මන්ත්‍රීවරයා පැවසීය.
අගමැතිට 122ක් තියනවා : එනිසා තනිවම ආණ්ඩුව කරගෙන යන්න කියමු - දයාසිරි
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද සහභාගීව සිටි අතර එහිදී තමන් විපක්ෂය ලෙස ඉදිරියේදී කටයුතු කරන බවත් දේශපාලනය කිරීමට වෙනත් මාධ්‍යක් නොමැතිව සිටි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඒකාබද්ධ විපක්ෂය ලෙස සංවිධානය වූ බවත් දැන් ඔවුන් හා එකට වැඩ කිරීමට තමන්ටද අවස්ථාව හිමිව ඇති බව ඔහු පැවසීය.
එසේම ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරයෙන් පසුව රැස්වන ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාවේදී පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට තම පාර්ශවය දන්වන බවත් අග්‍රාමාත්‍යවරයාගේ සහයට මන්ත්‍රීවරුන් 122ක සහයක් තිබෙන බවට තහවුරු කරගෙන ඇති බැවින් ඔහුට තනිවම ආණ්ඩුව කිරීමට ඉඩදිය යුතු බව තම ස්ථාවරය බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.