ලංකාවට හිමි ඇමරිකානු ආධාර ගන්න : සපුරන්න වන කොන්දේසි මෙන්න

ලංකාවට හිමි ඇමරිකානු ආධාර ගන්න : සපුරන්න වන කොන්දේසි මෙන්න

විදෙස් රටවල් සඳහා ඇමරිකා එක්සත් ජනපදය ලබාදෙන මුල්‍යාධාර වැඩසටහනේ ඩොලර් මිලියන 68.5ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන්කර ඇති බව වාර්තා වෙයි.

මෙහිදී විදෙස් රටවල් සඳහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.3ක් වෙන් කර ඇති අතර ඊට අදාළ නිල නියවිල්ලට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් ඇමරිකාව විසින් එම මුල්‍යාධාර ලබාදීම සිදුවන්නේ කොන්දේසි මත වන අතර එහිදී ලංකාවට වෙන්කර ඇති මුදලින් ඩොලර් මිලියන 35ක් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ වැඩසටහන් සඳහා යෙදවිය යුතු බව සඳහන් වෙයි.

එසේම අතුරුදහන්වූවන් පිළිබඳ ගැටළුවට පිළියම් යෙදීම, උතුරු - නැගෙනහිර හමුදාකරණය අවම කිරීම, ලිංගික අපචාර චෝදනා ලබාසිටින මෙරට සාමසාධක හමුදා භටයන් පිළිබඳ පරීක්ෂණයක් කිරීම මෙන්ම යුද සමයේ සිදුවීම් පරීක්ෂා කිරීම සඳහා ජගත් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට අනුව විශ්වසනීයත්වයෙන් යුතු අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීම යන කොන්දේසිද ඒ අතර වන බව වාර්තා වෙයි.

තවද මෙරට ආරක්ෂක හමුදාවන්ගේ මානුෂීය සහ ආපදා මෙහෙයුම්, පුහුණුවීම් සහ සමුද්‍ර ආරක්ෂාව වෙනුවෙන්ද ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක් වෙන්කර ඇති බවද වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න