ජනාධිපති අද තෙරේසා මේ හමුවෙයි

ජනාධිපති අද තෙරේසා මේ හමුවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (17) දහවල් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ හමුවී ද්වීපාර්ශවිය සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

එහිදී දෙරටටම වැදගත් කරුණු රැසක් පිළිබඳ අවධානය යොමුවනු ඇති බවත් වාර්තා වන අතර පසුව ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් පවත්වනු ලබන විශේෂ පිළිගැනීමේ උත්සවයකට සහ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව හමුවීමට ද නියමිතව ඇත.

එසේම 18 වනදා එනම් හෙට දිනයේ ජනපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවේ ආරාධිත දේශනය පැවැත්වීමට නියමිත බවද වාර්තා වන අතර පොදු රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භය 19 වන දා පෙරවරුවේ සිදුවන බවද වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න