නියෝජ්‍ය කථානායකධුරය : එජාප ජ්‍යෙෂ්ඨයෙකුට

නියෝජ්‍ය කථානායකධුරය : එජාප ජ්‍යෙෂ්ඨයෙකුට

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලගේ ඉවත්වීමත් සමඟ පුරප්පාඩු වූ නියෝජ්‍ය කතානායකධුරය සඳහා එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පත්කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

මේ වන විට ශ්‍රීලනිපය නියෝජනය කරන බහුතරයක් විපක්ෂයේ අසුන් ගැනීම නිසාත් ආණ්ඩුවේ රැඳී සිටින ශ්‍රීලනිප සියල්ලන්ටම පාහේ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් බවට පත්වීමට නියමිත නිසාත් මේ ආකාරයට නියෝජ්‍ය කතානායකධුරය එජාපයට ලබාදීමට තීන්දුවී ඇත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය සමයේ නියෝජ්‍ය කතානායකධුරයේ කටයුතු මුළුමනින්ම කෙලෙසුණු ආකාරයට තිලංග මන්ත්‍රීවරයා වැඩ කටයුතු සිදුකළ බවත් එබැවින් නවක මන්ත්‍රීවරුන්ටද ආදර්ශයක් දෙන ආකාරයට පළපුරුදු ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකුව ඊට පත්කිරීමේ අපේක්ෂාව වී ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න