ඇප කොන්දේසි සැපිරූ අලුත්ගමගේ මන්ත්‍රී ගෙදර යයි

ඇප කොන්දේසි සැපිරූ අලුත්ගමගේ මන්ත්‍රී ගෙදර යයි

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම මත ඊයේ (16) රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අද (17) නිදහස් කර ඇති බව වාර්තා වෙයි.

ඒ ඇප කොන්දේසිවලට අදාළ ලියවිලි අද කොටුව අධිකරණ රෙජිස්ටාර් වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුවය.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය මේ වන විට මහාධිකරණය හමුවේ පවතින බැවින් ඒ බව ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන් ඒ මහතා ඊයේ දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

මන්ත්‍රීවරයාව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය රජය සමයේ ක්‍රිඩා අමාත්‍යංශයට කැරම්බෝඩ් ඇතුළු ක්‍රිඩා ආම්පන්න මිල දී ගැනීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 39ක් සාවාද්‍ය ලෙස පරිහරණය කළ බවට සැකපිට වන අතර පසුව අධිකරණය විසින් ඔහුට ඇප නියම කෙරිණ. මන්ත්‍රීවරයා මැයි මස 11 වන දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද අධිකරණය නියෝග කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න