අමාත්‍යාංශ 08කට නව ලේකම්වරුන් පත්කරයි !

අමාත්‍යාංශ 08කට නව ලේකම්වරුන් පත්කරයි !

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ‍ය, වාරිමාර්ග සහ අධ්‍යාපන යන අමාත්‍යාංශ 03 හි ලේකම්වරුන්ගේ
ධූර කාලය තවත් වසරකින් දීර්ඝ කෙරේ
කැබිනට් අමාත්‍යාංශ 08ක් සඳහා නව ලේකම්වරුන් පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2023 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම් සිදු කර ඇත.
මේ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස එම්.එම්.පී.කේ. මායාදුන්නේ පත් කර තිබේ.

මීට පෙර රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා ‍ලෙස කටයුතු කළේය.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ එච්.කේ.ඩී.ඩබ්ලිව්. එම්.එන්.බී. හපුහින්න රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත.

යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ කේ. මහේසන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්,

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන් කටයුතු කළ එම්. යමුනා පෙරේරා කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙසත්,

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.එම්. නයිමුදීන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්,

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ පී.පී. ගුණතිලක මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්,

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ඒ.එම්.පී.එම්.බී. අතපත්තු වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්,

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් පත් කර තිබේ.

එමෙන්ම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ නැවත වසරක කාලයක් සඳහා එම ධූරයන්ට පත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න