තල් මණ්ඩලේ නිලධාරීන් 2ක් දොට්ට !

තල් මණ්ඩලේ නිලධාරීන් 2ක් දොට්ට !

රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් අවභාවිත කළ තල් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු ඇතුළු උසස් නිලධාරීන් දෙදෙනකු සේවයෙන් නෙරපා හැර තිබේ.

ඒ බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ විසින් තහවුරු කර ඇත.

එසේම තල් හකුරු සෑදීමේ උපකරණ මිලදී ගැනීමේදී රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් අවභාවිතා කළ විගණකවරයකුගේ සහ නිෂ්පාදන කළමනාකරුවකුගේ වැඩ තහනම් කර ස්වාධීන විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන බවද ඔහු සඳහන් කළේය.

මීට අදාළ සිදුවීම ලෙස සභාපතිවරයා පවසන්නේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරයා සහ විගණන නිලධාරියා තල් සංවර්ධන මණ්ඩලයේ වැටුප් ලබන අතරේ විශ්ව විද්‍යාල දෙකකද සේවය කරමින් වැටුප් ලබා ගෙන ඇති බව විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇති බවය.

මණ්ඩලයේ දූෂණ වංචා වසන් කළ විගණක නිලධාරීන් දෙදෙනෙකු මාරු කර යැවූ බව පැවසූ සභාපතිවරයා ඒ වෙනුවට නව නිලධාරීන් දෙදෙනකු පත්කර වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය නිලධාරීන්ගේද සහය ලබාගෙන අදාල ලියකියවිලි පරීක්ෂාකර දූෂිත නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගත් බවද සඳහන් කළේය.

එසේම නියමිත ක්‍රමවේදයෙන් බැහැරව උසස්වීම් ලැබූ කළමනාකරුවන් අටදෙනාගෙන් ආයතනයට අයවිය යුතු මුදල් අයකර ගැනීමට කටයුතු කළ බවද තල් සංස්ථා සභාපතිවරයා පැවසීය.

විගණන වාර්තා වලින් අනාවරණය කෙරුණු දූෂණ වංචා සහ අක්‍රමිකතා සිද්ධීන් සියයට හැත්තෑවක් සම්බන්ධයෙන් දැනටමත් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් කෝටි ගණනක වංචා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න