Language Switcher

V2025

පළාත් පාලන ජන්දයකින් වැඩක් නෑ : පෙරටුගාමීන් කියයි !

මේ මොහොතේ රටට අවශ්‍ය පළාත් පාලන මැතිවරණයක් නොව ආණ්ඩුව වෙනස් කළ හැකි ජාතික මැතිවරණයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි .

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත .

කෙසේ වුවත් පොදුජන පෙරමුණ ප්‍රමුඛ දේශපාලන පක්ෂ කිහිපයක් පවසන්නේ පවත්වන ඕනෑම මැතිවරණයක් සඳහා තම පපක්ෂ සූදානම් බවය.

මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ පළාත් පාලන මැතිවරණයක් හරහා ජනතාව තුළ ඇති ආණ්ඩු විරෝධය ඉස්මතු කළ හැකි නමුත් ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය සමනය කිරීමට කිසිදු සහයක් එයින් නොලැබෙන බවයි. පවතින තත්ත්වය අනුව ආසන්න ජාතික මැතිවරණය ජනාධිපතිවරණයක් බවත් ඔවුන් සිහිපත් කරයි.