සජබට ගිය පුවත අසත්‍යක් : ජෝනුත් කියයි !

සජබට ගිය පුවත අසත්‍යක් : ජෝනුත් කියයි !

තමන් කිසි විටෙක සමගි ජන බලවේගය සමඟ එක් නොවූ බවත්, එසේ පළ වන පුවත් අසත්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී WDJ සෙනවිරත්න පවසයි.

මන්ත්‍රීවරයා මේ අදහස් පැවසුවේ අද (14) පාර්ලිමේන්තුවේ අයවැය කතාව අවසානයේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය .

“දැන් අද ප්‍රකාශයක් කරල තියෙනව මම සජබෙට බැඳුනා කියලා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ස්වාධීන කණ්ඩායම් සජබෙට බැඳෙන්න තීන්දු කළත් ඒ් තීන්දුවට මම එකඟ නෑ කියන ඒක මම පැහැදිළිවම කියන්න ඔ්නෙ. ජයරත්න හේරත් මන්ත්‍රීතුමා එහෙම ප්‍රකාශයක් කළා නම් ඒ්ක වැරදියි.

අද 12.30ට සාකච්ඡාවක් තියෙනව කියල මට දැන්නුවා. නමුත් මම ඒ් සාකච්ඡාවට සහභාගී වුනේ නෑ. මම නැති වෙලාවෙ මොන තීන්දුවක් ගත්තද කියන්න මම දන්නේ නෑ. මම සජබයට බැඳුනාය කියන ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක්.”

මේ අතර මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද පවසා සිටියේ තමන් සමගි ජනබලවේගය පක්ෂය සමග එක්වූ බව සඳහන් පුවත් සත්‍යයෙන් තොර බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න