ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රදවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවනේ ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත .
එසේම ඔහුව මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවන ලෙසත් , අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර සම්පූර්ණ වාර්තාවක් ලබාගන්නා ලෙසත් එම නියෝගයේ සදහන් කර තිබේ.
පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීමටද අධිකරණය අවසර ලබාදී ඇති අතර පෙත්සම ජනවාරි 31 වැනිදා කැදවීමට ද නියෝග කර ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
